ඊළගට මොකද වෙන්නෙ?
Congratulations
Walking simulator tutorial series එක ඉවරයි. වැඩේ හරියට කරගත්තා නම්, මේ වෙද්දි complete project එකක් ඔයා ළගත් ඇති.
ඔයා මේ වැඩේට අලුත්ම කෙනෙක් නම්, සමහර තැන්වල පොඩ්ඩ්ක් හිරවෙන්න ඇති. ඒක සාමාන්‍ය දෙයක්. අලුත් දෙයක් ඉගෙන ගන්න වෙලාවක් යනවා තමයි. ඒ නිසා මේ tutorial එකේ මොනවහරි තැනක් අපැහැදිලියි නම්, අලුත් දවසක fresh mind එකකින් ආයෙත් පොඩ්ඩක් බලන්න. ඒත් හරි ගියේ නැත්නම් මාව contact කරගන්න. (contact link site එකේ ඇති)
Final Files
ඔයාට final project files ඕන නම් මෙතනින් download කරගන්න පුලුවන්: Project Files
මෙතනින් ඉවර නෑ
Godot එක්ක ඔයාගෙ game development journey එක හරියටම පටන් ගන්නෙ ඊළගට තමයි.
මම මේ series පුලුවන් තරම් සරල කරලා හැදුවෙ ඔයාගෙ confidence එක හදන්න. ඒත් ඇත්ත තත්ත්වෙ කිව්වොත්, game development කියන්නෙ හැමතිස්සෙම මාර fun දෙයක් නෙවෙයි. සමහර වෙලාවට හිරවෙනවා. සමහර වෙලාවට දේවල් ඕන විදියට වැඩ නෑ. ඒක ඉතින් සාමාන්‍යයි.
මම නම් game development වල කැමතිම part එක තමයි, අපි හදපු දෙයක් තව කෙනෙක් ගොඩක් enjoy කරන එක. ඒ සතුට කොච්චරද කියලා තේරුම් යයි ඔයා හොද game එකක් හදලා කාට හරි play කරන්න දීපු දවසට. ඒ feeling එක හරියට දැනුණු දවසට ඔයා game හදන එක නවත්තන්න ඔයාටවත් බැරිවෙයි.
ඉස්සරහට එන Tutorials
මම හිතාගෙන ඉන්නෙ මේකට තව lessons එකතු කරන්න. හැබැයි මේ මම type කරන ටිකත් කී දෙනෙක් කියවයිද, ඒකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගනීද කියන්න මට මේ වෙද්දි (2026/04/12) කිසිම idea එකක් නෑ. ඇත්තටම මේ වෙද්දි නම් හිතන් ඉන්නෙ මේකට ලැබෙන ප්‍රතිචාර හොද වුනොත් විතරක් ඉස්සරහට දේවල් ගේන්න. මොකද මේකෙන් මට කිසිම ආදායමක් එන්නෙ නෑ, වෙන කෙනෙක්ට දෙයක් කියලා දුන්නම එන happiness එක විතරයි.
ඔයා දෙයක් ඉගෙන ගත්තනම් comment එකක් හරි දාලා කියන්න. එහෙම නැත්නම් ඔයා හදපු game එකක link එකක් හරි එවන්න. මෙන්න මේ youtube channel එකේ තමයි මං සිංහලෙන් game development වලට අදාල content දාන්නෙ. subscribe කරලා තියාගන්න අලුතෙන් content එනව නම් ඒකෙ community post එකක් දානවා මම.
ඒ වගේම මං මුලින්ම කරන්නෙ English tutorial එක. ඊට පස්සෙ තමයි සිංහලෙන් ඒක dub කරන්නෙ. English channel එක
Coding Tutorials
මුලින්ම කිව්වා වගේ මේකෙදි coding ගැන කතා කළේ නෑ. ඒ ගැන තමයි ඊළගට කතා කරන්නෙ.
ඒ ටික ගේන්න පොඩි time එකක් යාවි.
Join the Godot Community
Godot වලට තියෙනවා growing, active, ඒ වගේම ගොඩක් friendly community එකක්.
එයාලගෙත් tutorials බලන්න, එයාලගෙන් ඉගෙනගන්න, ඒ වගේම එයාලටත් support එක දෙන්න.
ඔයාට පුලුවන්කමක් තියෙනවනම් Godot එකට donate කරන්න. ඒක community එකට කරන්න පුලුවන් ලොකුම උදව්වක්.
Thank You
එහෙනම් thank you. මං හිතනවා වැදගත් මොනවහරි ඉගෙනගන්න ලැබෙන්න ඇති කියලා.
මෙන්න මේ Email එකට ඔයාගෙ අදහස් - යෝජනා - චෝදනා තිබුණොත් කියන්න: [kasunmiu@gmail.com]
(spam නොවෙන හැම email එකක්ම මං බලනවා 👐)