Skip to main content

හැදින්වීම

Beginner Friendly

මං මේකෙන් try කරන්නෙ, game development වලට අලුතෙන්ම එන කෙනෙක්ට වුනත් තේරුම් ගන්න පුලුවන් වෙන විදියට, හැබැයි වැඩේ ඉවරවෙද්දි complete project එකක් ඔයාගෙ ළගත් තියෙන විදියෙ වැඩක් කරන්න.

මෙන්න මේ විදියෙ project එකක් තමයි අපි හදන්න යන්නෙ. 👉 [Completed Project Video]

Completed Project

අලුත්ම අයට හදල තියෙන්නෙ 👶

ඔයා Game development වලට අලුත්ම කෙනෙක් වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ. මේකෙදි වැඩේට අදාල හැම දෙයක්ම පැහැදිලි කරනවා.

මොනවද මේකෙදි ඉගෙනගන්නෙ?

  • අතරමං වෙන්නෙ නැතුව Godot ඇතුලෙ move වෙන්නෙ කොහොමද
  • ඔයාගෙ game එකට assets ගෙනත් දාන්නෙ කොහොමද
  • තණකොළ, අහස, වතුර හදන හැටි
  • වැදගත්ම දේ; play කරන්න පුලුවන් game එකක් හදන්නෙ කොහොමද කියලා අපි මේකෙන් බලනවා.

වැඩේ වෙන විදිය

මේක lecture එකක්වත්, පොතක් කියවනව වගේ වැඩක්වත් නෙවෙයි. අපි මෙතනදි ඉගෙන ගන්න දේ apply කරනවා. මුලින්ම Godot editor එකත් එක්ක comfortable වෙනවා. ඊට පස්සෙ Walking sim එක හදනවා.

Project Structure

මේක follow කරන්න ලේසි වෙන්න, කොටස් කීපයකට කඩලා තියෙන්නෙ.

  • Download Godot
  • Editor Overview
  • Editor Interface Basics
  • The Walking Simulator
  • තණකොළ - වතුර - අහස
  • Project Settings & Export

පටන්ගන්න කලින්...

කිසිම දෙයක් ගැන කරදර වෙන්න ඕන නෑ. installation එකේ ඉදලම පැහැදිලි කරනවා.

වැඩේ පටන්ගමු.

වෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා පොඩි අදහසක් ඇති, එහෙනම් වැඩේ පටන්ගමු.

Walking Simulator එකක් කියන්නෙ මොකක්ද? 🚶‍♂️

මේක exploration type game එකක්. Relax එකේ ඇවිදලා වටපිට බලන්න තියෙන්නෙ.
සාමාන්‍ය game එකක තියෙන ගොඩක් complex challenges මේකෙ නෑ. අන්න ඒක නිසාම, game හදන කෙනෙක්ට වැඩ පටන්ගන්න හොදම project එකක් තමයි මේක.